Saturday, March 23, 2013

චාරිකාව..


  චාරිකාව -පද බැඳුම 1ක


                    එදා වැසි දිනයක්...මම...ඒ ඉමක් කොනක් නොපෙනෙන ඝන වනන්තරේ තනි වෙලා..හතර දෙසින් ඇසෙන මූසල ශබ්දයන් මා  සවන පින වූයේනම් නැත..
                            

 "අනේ...දෙවියනේ..මම කොහොමද මේ විපතෙන් බේරෙන්නේ..???..මගේ  උදව්වට කව්ද එන්නේ..?? අනේ මගේ යාලුවෝ කොහෙද..??"

               මෙය මගේ සිත නිතරම මගෙන් අසු එකම ප්‍රශ්නය විය..රූස්ස ගස් වලින් ගහන ඝන වනන්තරේ සතා සිව්පාන් එමටය..අලි කොටි වලසුන් මන්ම විෂඝෝර සර්පයන් ,ගොනුස්සන්ද ම නෙත ගැටුණු වාර ගණන අනන්තය...එහෙත් මම බොහෝ වෙහෙසක්
දරමින් එයින් මඟ හැර යෑමට වෙහෙසක් ගතිමි...



               
                මම ගසින් ගසට මුවා වෙමින් දින කිහිපයක් පමණ මේ වනාන්තරයෙන් පිට වීමට මං සෙව්වෙමි...නමුත් එයද මා අසරණයට පත් කරන්නක් විය..මේ ඝන වනන්තරේ මට මතකයට නැගුනේ මම කරපු වරදකි...එය මෙසේය...

                 මම මගේ මිතුරන් කිහිපදෙනෙකු සමග දින කිහිපයක විවේකයක් ලබා ගැනීමට විනෝද චාරිකාවක් සංවිධානය කලෙමි..අප සැමගේ එකගත්වයෙන් යම් ත්‍රාසජනක අත්දැකීමක් ලබාගැනීම උදෙසා මෙම චාරිකාව සංවිධානය කළෙමු..මන්ද කෙළිලොල් වියේ පසු වන අප සැම විසේකාර..දඩබ්බර කොලු රංචුවකි..එය නෙත ගැටෙනා සියල්ලන්ම පාහේ කියන කතාවකි..ඇමේසන් ගං තීරය දිගේ දින කිහිපයක් තරණය කර යම් ත්‍රාසජනක විනෝදයක් ලබා ගැනීම මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ විය..
               
                කෙසේ වෙතත් මෙම සංවිධායක කමිටුවේ ප්‍රධානියා මම විය.මේ පිලිබදව අප සියලු දෙනාගේ කැමැත්ත ලද මම ඒ පිලිබදව අප ගෙදර ප්‍රධානියා වන තාත්තාගෙන් මෙය විමසුවෙමි...මෙම විනෝද චාරිකාව ත්‍රාසජනක වුවද විනෝද ජනකය..නමුත් මේ පිලිබදව
මගේ තාත්තාගෙන් ලද පිළිතුර ඇති බිහිසුණු ඇඟ කිලිපොලා යන පිළිතුරකි.....


Tuesday, March 12, 2013

මුහුණත් පොතේ විරහව..-සිරා කතා.


1.පන්තියේ දුටු මුල් දිනේ...ඔහු අය හට පෙම් කලේ..
   මල් සර්ගේ බැල්ම ලැබී..පන්තියේ පෙම වැජබුනේ...



2.දෙදෙනාගේ පෙම් ලොව..රස ඉතිරුනි මනහර....
   දිනෙන් දිනම රස වැඩි උනි..මල් සරාගේ පෙම් ලොව..

3.සුන්දර ලොව ආදර...දෙදරා ගිය අරුමය...
  මුහුණත් පොත හින්ද කෙල්ල ..හැර ගියේ පෙම් ලෝකය..

4.ඈ පෙම්වත රවටලා...සෙව්වේ සතුටක් හොරා..
  මුහුණත් පොත හින්ද එයා...ආලය කදුලක් කල..

5.පෙම්වත ඈ නවතුවා...නැත බැලුවේ ඈ සිතා..
  අමනයන්ගේ ලෝකය තුල ඈ සිටියේ නෙතු වසා..

6.මුහුණත් පොත නම් විස...බිව්වා ඈ රහසින..
  විස මිශ්‍රව ලේ වල..හැර ගියේ ඈ ආලය...

7.මුහුණත් පොතේ නිතරම..අවනීතිය රජ යන..
  එය සිහියට ගෙන නිතරම..ජීවත් වනු මන සොද...

8.ලලනාවනි සුන්දර...ගනු මැන මෙය සිහියට..
  ලැබෙන කිසිම දෙයක් නිසා..නොහැරනු ඔබේ ආලය...